(රංජන් කස්තුරි)
පොලිසිය කොළඹ විශ්ව විද්‍යාල භූමියට අයුතු ලෙස ඇතුළු වී සිසුන්ට සහ සාමාකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් පවත්වැන්නැයි එම විශ්ව විද්‍යාල ශාස්ත්‍රපීඨ ආචාර්ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
පොලිසිය කොළඹ සරසවි භූමියට අයුතු ලෙස ඇතුළු වී සිසුනට හා සාමාකාමී විරෝධතාකරුවන්ට පහරදුන අතර කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළ අතර එම නිසා ශාස්ත්‍රපීඨයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වූ බව ද කොළඹ සරවියේ ශාස්ත්‍රපීඨයේ ආචාර්ය සංගමයේ සභාපති නිර්මාල් දේවසිරි මහතා පැවැසීය.

